තැපැල් වෘත්තිය සමිති දින දෙකක වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ, අනුව ලබන 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 18 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම වෘත්තිය සමිති පැවසුවේ.
සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි ඔවුන් සඳහන් කළේ.
මෙම ගැටළු පිළිබඳව තැපැල්පතිවරයා සමඟ ද සාකච්ඡා කළ ද කිසිදු සාධනීය පියරක් සම්බන්ධව තීරණයක් ගැනීමට අපොහොසත් වූ බව ඔවුන් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1