තැපෑල දෙවැනි දිනටත් ලෙඩින්

අතිකාල දීමනා ලබාදීම හා තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයෝ අද (30) දෙවැනි දිනටත් වැඩ වර්ජනය සිදු කරනවා.

පෙරේදා (28) මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු එහි වෘත්තීය සමිති සේවකයින් මෙම සංකේත වැඩ වර්ජනය සිදු කිරීමටයි තීරණය කෙරුණේ.

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් මෙම වැඩවර්ජනයට එක් ව සිටින බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පැවසුවා.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩවර්ජනය පෙරේදා සවස 4.00 සිට ආරම්භ කෙරුණා.

පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?