තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය අද 06 වන දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා.
මෙවන් තත්ත්වයක තැපැල් කාර්යාලවලින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.
එමෙන්ම ලිපි සහ පාර්සල් විශාල සංඛ්‍යාවක් බෙදාගැනීම නොහැකිව ගොඩගසා තිබෙනවා.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනය වනවිට රුපියල් මිලියන 120ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති චමීරා ද සිල්වා සඳහන් කළා.
මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු ආරක්ෂක අංශ යොදවා නීති විරෝධී ලෙස රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තීය සමිති මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ඊයේ (22) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ද ආරම්භ කරනු ලැබුවා.
ඉල්ලීම් 19ක් මුල්කර ගනිමින් තැපැල් සේවකයින් පසුගිය 17 වනදා මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.





