තැපැල් ඡන්ද පත්‍රිකා 21 වනදා තැපෑලට

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 21 වනදා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව මාර්තු මාසය ඇතුළත තැපැල් ඡන්ද විමසීම සිදුකරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

මේ අතර පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු මැතිවරණයේ සෙසු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නැයි ඉල්ලා අද (08) දිනයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව රජයේ මුද්‍රණාලය සඳහන් කළා.

ඒ, අනුව මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය යළි ආරම්භ කරන බවයි රජයේ මුද්‍රණාලය ප්‍රකාශකර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි..අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:03
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52