AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද ගමනාන්ත තැපැල් කාර්යාල වෙත

තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබූ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද (27) ගමනාන්ත තැපැල් කාර්යාල වෙත බෙදා හැරීමට නියමිතව තිබෙනවා.

විශේෂ ආරක්ෂාවක් යටතේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු මෙලෙස බෙදාහැරීම සිදු කිරීමට නියමිතයි.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319ක් සුදුකම් ලබා සිටිනවා.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04 ,05 සහ 06 යන දිනවල පැවැත්වීමට නියමිත අතර, එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් 11,12 අමතර දිනයන් ලෙස වෙන්කර තිබෙනවා.

මේ අතර දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදාගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අයදුම්පත් කැඳවා සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රාජ්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?