තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද ගමනාන්ත තැපැල් කාර්යාල වෙත

තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබූ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු අද (27) ගමනාන්ත තැපැල් කාර්යාල වෙත බෙදා හැරීමට නියමිතව තිබෙනවා.

විශේෂ ආරක්ෂාවක් යටතේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු මෙලෙස බෙදාහැරීම සිදු කිරීමට නියමිතයි.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 712,319ක් සුදුකම් ලබා සිටිනවා.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් 04 ,05 සහ 06 යන දිනවල පැවැත්වීමට නියමිත අතර, එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් 11,12 අමතර දිනයන් ලෙස වෙන්කර තිබෙනවා.

මේ අතර දෙලක්ෂ විසි පන්දහසකට ආසන්න රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදාගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අයදුම්පත් කැඳවා සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රාජ්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14