AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 1,150ක් – සහතික කිරීමේ නිලධාරීන්ට දැනුම්දීමක්

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට අද (26) දිනයේ සිට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, තෝරාගත් පාසල් සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇතුළු මධ්‍යස්ථාන 1,150ක අසන්න සංඛ්‍යාවක් දී තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට නියමිත බවයි කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ.

මේ අතර හෙට (27) දිනයේ සිට ලැබෙන තැපැල් ඡන්ද පැකට්ටු ආරක්ෂිතවල තබා ගැනීමට කටයුතු කරන ලෙසට සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් දැනුම්දීමක් ද සිදුකරනු ලබනවා.

එමෙන්ම 04,05 සහ 06 යන දිනයන්වල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනය කරදෙන ලෙසත් තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?