තැපැල් ඡන්ද නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 1,150ක් – සහතික කිරීමේ නිලධාරීන්ට දැනුම්දීමක්

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට අද (26) දිනයේ සිට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඒ, අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, තෝරාගත් පාසල් සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇතුළු මධ්‍යස්ථාන 1,150ක අසන්න සංඛ්‍යාවක් දී තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට නියමිත බවයි කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ.

මේ අතර හෙට (27) දිනයේ සිට ලැබෙන තැපැල් ඡන්ද පැකට්ටු ආරක්ෂිතවල තබා ගැනීමට කටයුතු කරන ලෙසට සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් දැනුම්දීමක් ද සිදුකරනු ලබනවා.

එමෙන්ම 04,05 සහ 06 යන දිනයන්වල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනය කරදෙන ලෙසත් තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40