තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දවස අද

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දවස අදයි.

ඒ, අනුව අද (29) දිනයේත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව පවතිනවා.

මෙතෙක් තැපැල් ඡන්දය සලකුණු නොකළ රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අද ඒ සඳහා යළි අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරීම අදින් අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේදිත් නිල ඡන්ද දැන්විම් පත්‍රිකා නොලැබෙන ඡන්ද දායකයින්ට තමන් ලියාපදිංචි ලිපිනයේ ඇති තැපැල් කාර්යාලයට ගොස් ඒවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

2025 පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?