තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දවස අද

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවසන් දවස අදයි.

ඒ, අනුව අද (29) දිනයේත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව පවතිනවා.

මෙතෙක් තැපැල් ඡන්දය සලකුණු නොකළ රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අද ඒ සඳහා යළි අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරීම අදින් අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේදිත් නිල ඡන්ද දැන්විම් පත්‍රිකා නොලැබෙන ඡන්ද දායකයින්ට තමන් ලියාපදිංචි ලිපිනයේ ඇති තැපැල් කාර්යාලයට ගොස් ඒවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

2025 පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00