AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්දය අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන් – කොමිසමෙන් දැනුම්දීමක් (නිවේදනය)

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට (10) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ඒ පිළිබඳව පූර්ව සිහිකැඳවීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

මැතිවරණ රාජකාරිවලින් නිදහස් කර ඇති අය හැර රජයේ සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් සියලුම නිලධාරින් තැපැල් ඡන්ද ඉල්ලුම් කළ යුතු බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

තැපැල් ඡන්ද අයදුම්කර නොතිබීම මෙන් ම අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කර තිබීම ද මැතිවරණ රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවත් නිවේදනයේ සඳහන්.

එබැවින් සුදුසුකම් ඇති සියලුම තැපැල් ඡන්ද හිමියන් සිය ඉල්ලුම්පත් හෙට මධ්‍යම රාත්‍රියට පෙර තම සේවාස්ථානයට ආසන්නතම දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය වෙත ඉදිරිපත් කළ යුතු බව ද කොමිසම පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව තැපැල් ඡන්ද අයදුම්පත් සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?