තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන් – කොමිසමෙන් දැනුම්දීමක් (නිවේදනය)

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙට (10) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ඒ පිළිබඳව පූර්ව සිහිකැඳවීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

මැතිවරණ රාජකාරිවලින් නිදහස් කර ඇති අය හැර රජයේ සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් සියලුම නිලධාරින් තැපැල් ඡන්ද ඉල්ලුම් කළ යුතු බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

තැපැල් ඡන්ද අයදුම්කර නොතිබීම මෙන් ම අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කර තිබීම ද මැතිවරණ රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවත් නිවේදනයේ සඳහන්.

එබැවින් සුදුසුකම් ඇති සියලුම තැපැල් ඡන්ද හිමියන් සිය ඉල්ලුම්පත් හෙට මධ්‍යම රාත්‍රියට පෙර තම සේවාස්ථානයට ආසන්නතම දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලය වෙත ඉදිරිපත් කළ යුතු බව ද කොමිසම පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව තැපැල් ඡන්ද අයදුම්පත් සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34