AFC Banner
AFC Banner
Empty Ad

තායිවානයේ උකුසු ඇසට කොටු වූ චීන ගුවන් යානා හා යාත්‍රා

තායිවානය සහ චීනය අතර දිනෙන් දින දේශ සීමා සහ මුහුදු සීමා ගැටුම් උත්සන්න වෙමින් සීතල යුද්ධයක් දක්වා පරිවර්තනය වී තිබෙනවා.

එවන් පසුබිමක දී විදෙස් මාධ්‍ය වාර්තා කළේ තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද (27) උදෑසන 06 වනවිට සිය මුහුදු තීරය ආසන්නයේ යාත්‍රා වන PLAN යාත්‍රා 07ක් සහ ගුවන් යානා 12ක් සිය නිරීක්ෂණයට හසුකරගෙන ඇති බවයි.

තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය (MND) දිවයින වටා චීන හමුදා ක්‍රියාකාරකම්වල වැඩිවීමක් වාර්තා කර තිබෙනවා.

චීන ගුවන් යානාවලින් 08ක් ම තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා තායිවානයේ නිරිතදිග ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට (ADIZ) රිංගා ඇති බවයි වාර්තා වන්නේ.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සිය නිල X සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ; “PLA ගුවන් යානා 12 ක්, PLAN යාත්‍රා 7 ක් සහ තායිවානය වටා ක්‍රියාත්මක වන නිල නැවක් අද (UTC8) උදෑසන 6 දක්වා (UTC8) තෙක් ස්ථානගත වූ බවට හෙළි වූ බවයි.

නිරිතදිග තත්ත්වය නිරීක්ෂණය කර චීනය වෙත ඉක්මනින් ප්‍රතිචාර දක්වන බව ද තායිවානය අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?