Empty Ad
AFC Banner
Empty Ad

තාත්තා බලා එන ගමන් අවසන් ගමන් ගිය පොලිස් සැරයන් පුතු

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර ඊයේ (09) පස්වරුවේ සිදු ව ඇත්තේ යතුරුපැදි අනතුරක් හේතුවෙන් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක්.

මියගිය පොලිස් නිලධාරියා දින තුනක කාලයක් නිවාඩු ලබා සිට සිය පියා බැලීම සඳහා දඹෝර ප්‍රදේශයේ නිවසට ගොස් යළි හඳපාන්ගොඩ ප්‍රදේශයට යන අතරතුර එම නිලධාරියා ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ප්‍රපාතයකට පෙරලීමෙන් බරපතළ තුවාල ලබා ඔහුව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් රෝහලේ දී සැරයන්වරයා ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ – මෙනේරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පාදුක්ක පොලීසියට අනුයුක්තව කටයුතු කළ 56959 පොලිස් සැරයන් වජිර ප්‍රියාන් නමැති 54 හැවිරිදි දෙදරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ දේහය පාදුක්ක දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21

?