තාත්තා බලා එන ගමන් අවසන් ගමන් ගිය පොලිස් සැරයන් පුතු

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම අනතුර ඊයේ (09) පස්වරුවේ සිදු ව ඇත්තේ යතුරුපැදි අනතුරක් හේතුවෙන් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙක්.

මියගිය පොලිස් නිලධාරියා දින තුනක කාලයක් නිවාඩු ලබා සිට සිය පියා බැලීම සඳහා දඹෝර ප්‍රදේශයේ නිවසට ගොස් යළි හඳපාන්ගොඩ ප්‍රදේශයට යන අතරතුර එම නිලධාරියා ගමන් ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී ප්‍රපාතයකට පෙරලීමෙන් බරපතළ තුවාල ලබා ඔහුව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නමුත් රෝහලේ දී සැරයන්වරයා ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ – මෙනේරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පාදුක්ක පොලීසියට අනුයුක්තව කටයුතු කළ 56959 පොලිස් සැරයන් වජිර ප්‍රියාන් නමැති 54 හැවිරිදි දෙදරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ දේහය පාදුක්ක දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14