තාත්තාගේ නොසැළකිල්ලෙන් පුංචි පුතුට දිවි අහිමිවෙයි

රිදීමාලියද්ද පොලිස් වසමේ දිරියගම සිට මෝදර වැව දක්වා ඇති අතුරු මාර්ගයේ ඩී 01 ඇළ ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් වයස අවුරුදු දෙක හමාරක කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

කිනිහිරිවැල්ල දෙස සිට දෙමෝදර දෙසට ධාවනය වූ යතුරුපැදියක් එහි පදිකරුට පාලනයකර ගත නොහැකිව පෙරළී ගොස් ඊයේ (23) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ මෘත ශරීරය මේ වනවිට බිබිල රෝහලේ තැන්පත්කර ඇති අතර, යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
8
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?