spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තාණ්ඩිකුලමේ මාර්ගයක් අසළ පොලිස් නිළධාරියෙකුගේ මළ සිරුරක් (ඡායාරූප)

වවුනියාව,තාණ්ඩිකුලම පුදුකුලම මාර්ගය ආසන්නයේ තිබී පොලිස් නිළධාරියෙකුගේ මළ සිරුරක් අද (10) උදෑසන සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව, ඊච්චන්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ බවයි වාර්තා වන්නේ.

ඔහු මිහින්තලය ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 45ක පුද්ගලයෙක්.

යතුරුපැදිය මාර්ගය ආසන්නයේ පිහිටි විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණ සදහා මළ සිරුර වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර මරණයට නිශ්චිත හේතුව සොයා වවුනියාව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?