AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්ත විමර් ශන ඒකකයේ කොටි සැකකරුවන් 19 න් 17 කටම කොරෝනා…

වව්නියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර් ශන ඒකකයේ රඳවා සිටින ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 19 දෙනාගෙන් 17 දෙනෙකුටම කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.

වව්නියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ත්‍රස්ත ක්‍රියාවන් සඳහා සම්බන්ධ හා අනුබල දීම යන කරුනු හේතුවෙන් රඳවාගැනීමේ අධිකරණ නියෝග මත රඳවා සිටින සැකකරුවන් 19 දෙනාගෙන් කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙකුට පසුගිය 24 වනදා සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී කොරෝණා වෛරසය වැළඳී ඇති බවට හෙලි වීමෙන් පසුව සෙසු සැකකරුවන් 18 දෙනාටද පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමෙන් අනතුරුව තවත් 16 දෙනෙකුට කොරෝණා වෛරසය අසාදානය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇත.

අදාල සැකකරුවන්ගෙන් කොරෝණා වෛරසය ආසාදනය වී නොමැති සැකකරුවන් දෙදෙනා වෙනම ස්ථානයක රැඳවීමට පියවර ගෙන ඇති අතර පළමුව වෛරසය වැළඳුනු සැකකරුගෙන් සෙසු සැකකරුවන්ට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් සැක පලකරති.

මේ හේතුවෙන් වව්නියාව පොලිස් ත්‍රස්ත විමර් ශන ඒකකයේ පොලිස් නිලධාරීන්ද මේ වන විට පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට පියව ගෙන ඇති අතර ඔවුන් නිරෝධායනය කිරීමටද පියවර ගෙන ඇතැයි වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර් යාලය වැඩි දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?