ත්‍රීරෝද රථ අනතුරකින් පියා මරුට – බිරිඳ හා දරුවන්ට තුවාල

කැකිරාව පොලිස් වසමේ ඒ09 මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේ දී කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව පෙරලීගොස් අනතුරක් සිදු වුණා.

ඊයේ (15) සිදු වූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පිටුපස ගමන්ගත් ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කිරීමේ දී රියදුරු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

මරණකරු වයස අවුරුදු 57ක් වූ කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?