අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක දී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනාම මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (02) දින සවස් කාලයේ බියගම පොලිස් වසමේ දී අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන මාමාඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.