AFC Banner
AFC Banner
Empty Ad

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත එන සතියේ මැතිසබයට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කරනවා.

මෙම පනත් කෙටුම්පත ලබන බදාදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විශේෂ කමිටුවක් ද පත්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම කමිටුවේ කරුණු සළකා බලා මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂය ඉදිරි තීන්දු තීරණ ගන්නා බවයි එම පක්ෂයේ ප්‍රධානියෙක් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?