AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාග නොකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාග නොකර එහි කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට කතානායකවරයා නිවේදනයක් සිදුකර තිබෙන බැවින් එම පනත් කෙටුම්පත පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළේ.

ඒ අනුව අදාළ පෙත්සම් විභාග නොකර එහි කටයුතු අවසන් කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනාගතයේ දී අදාළ පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළහොත් ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාව තිබෙන බවත් සඳහන් කර සිටියා.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් අද යළි කැඳවනු ලැබූවා.

මෙම පෙත්සම් අද කැදවනු ලැබූවේ අග විනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කතානායකවරයා ඊයේ දින පාර්ලිමේන්තුවේ දී නිවේදනයක් සිදුකළ බවයි.

එම නිවේදනයට අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ ද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදුව නොමැති නිසා එම කෙටුම්පත තවදුරටත් පාර්ලිමේන්තුව ඉදිරියේ නොමැති බව කථානායකවරයා විසින් පැහැදිළිව සඳහන් කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

එබැවින් අදාළ පනත් කෙටුම්පත මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ඉදිරියේ නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් විනිශ්චයක් සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට කථානායක වරයා තහවුරු කර තිබෙන බවයි.

පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිරික්සීමේදී එම කරුණ මනාව පෙනී යන බව ද අගවිනිසුරුවරයා සඳහන් කර සිටියා.

එහිදී පෙත්සම් ඉදිරිපත් කළ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ අදාළ පනත් කෙටුම්පත ඔක්තෝබර් මස 03 වන දා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු බව ලේඛන පිරික්සීමේදී පෙනී යන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ දින සිට දින 14ක් ඇතුලත ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට පුරවැසියන්ට හැකියාව ලැබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එසේ තිබියදී අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට කරනු ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එසේනම් එය ඉල්ලා අස්කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද සඳහන් කළා.

එසේ නොකළහොත් අනාගත දිනයක අදාළ පනත් කෙටුම්පත යලි සක්‍රීය කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව ලැබෙන බවත් එවැනි තත්වයක් උද්ගත වුවහොත් ඊට එරෙහිව නඩු පැවරීමට පුරවැසියන්ට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එබැවින් අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විභාගයක් පවත්වා තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කළ යුතු බවයි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ.

තවත් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ද මෙම කරුණ අනුමත කරමින් කරුණු දැක්වීම සිදුකළා.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්වජන බලයේ මීළඟ බලාපොරොත්තුව #dilithjayaweera
01:55
Video thumbnail
පොහොට්ටුව ඇතුළු තවත් පක්ෂ කිහිපයකට සර්වජන බලයෙන් ඇරයුම් - දිලිත් ජයවීරගේ Master plan එක එළියට
02:44
Video thumbnail
සජබය නුවර ජයගන්න විදිය තිස්ස ගනන් හදලම මාධ්‍යට කියයි #sajithpremadasa
02:13
Video thumbnail
ලංකාව පුරා අවතැන් අයට මන් උදව් කරනවා - ජන දුක හඳුනන දිලිත් ජයවීර #dilithjayaweera
00:52
Video thumbnail
දිලිත්ගෙන් - පුතාණෝට සැර ටොක්කක් #dilithjayaweera #sajithpremadasa
00:59
Video thumbnail
සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න #sajithpremadasa
01:24
Video thumbnail
සජිත්ට විපක්ෂ නායකකමේ - අර්ථය කියල දුන්න දමිළ ඇමති - අපි අලුත් ආණ්ඩුවට උදව් කරනවා
01:49
Video thumbnail
අපි සූධානම් උතුරේ වගකීම බාර ගන්න - සජිත්ගේ දවල් හීන - තිස්ස එළිපිටම කියයි #sajithpremadasa
01:49
Video thumbnail
VAT බදු පැහැරහැරියාට අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට නියම වුණ සිර දඬුවම #arrested
01:31
Video thumbnail
අපි ජනාධිපතිගේ කකුල් දෙකෙන් අදින්න ඡන්දෙ ඉල්ලනවා නෙවෙයි#anurakumaradissanayake #sjb
01:52

?