logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ත්‍රස්තවාදීන් වළ දැමූ ආයුධ සහ රත්‍රං සොයා කැණීම් (ඡායාරූප)

යුද සමයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය විසින් වවුනියාව – පුදිය කෝවිල්කුලම් ප්‍රදේශයේ ඉඩමක ආයුධ හා රත්රන් වළ දමා ඇති බවට සැක කෙරන ස්ථාන තුනක් වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ්ගේ අධීක්ෂණය යටතේ ඊයේ(12) සවස කැණීම් සිදු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු මාධව කුලසූරිය සඳහන් කළේ; පුද්ගලික ඉඩමක් තුළ ආයුධ සහ රත්තරන් වළ දමා ඇති බවට සැක කෙරන ස්ථාන තුනක් මෙලෙස කැණීම්වලට භාජනය වූ බවයි.

පසුගිය යුද සමයේ අදාළ ඉඩම පිහිටි ස්ථානයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කඳවුරක් පැවති බවට තොරතුරු ලැබී තිබු බව ද පොලිසිය සඳහන් කළා.

එ‍් අනුව පොලිසිය විසින් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් හා පූවරසන්කුලම පොලිසිය කැණීම් සිදු කිරීම සඳහා එක්ව සිටියා.

පැය කිහිපයක් බැකෝ යන්ත්‍ර දෙකක් ආධාරයෙන් ඉඩම තුළ කැණීම් සිදුකළ අතර අවි ආයුධ හෝ වෙනත් කිසිවක් සොයාගැනීමට හැකි වූයේ නැහැ.

කැණිම් කළ ස්ථානයන් හි කිසිවක් හමු නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත නියෝග කරනු ලැබුවේ කැණීම් කළ ස්ථාන යළි වසා දමන ලෙසයි.

අදාළ ස්ථානයේ කැණීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පූවරසන්කුලම පොලිසිය වෙත නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

01 1
03
04
06
07
09
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?