ත්‍රස්තවාදීන් වළ දැමූ ආයුධ සහ රත්‍රං සොයා කැණීම් (ඡායාරූප)

යුද සමයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය විසින් වවුනියාව – පුදිය කෝවිල්කුලම් ප්‍රදේශයේ ඉඩමක ආයුධ හා රත්රන් වළ දමා ඇති බවට සැක කෙරන ස්ථාන තුනක් වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ්ගේ අධීක්ෂණය යටතේ ඊයේ(12) සවස කැණීම් සිදු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු මාධව කුලසූරිය සඳහන් කළේ; පුද්ගලික ඉඩමක් තුළ ආයුධ සහ රත්තරන් වළ දමා ඇති බවට සැක කෙරන ස්ථාන තුනක් මෙලෙස කැණීම්වලට භාජනය වූ බවයි.

පසුගිය යුද සමයේ අදාළ ඉඩම පිහිටි ස්ථානයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කඳවුරක් පැවති බවට තොරතුරු ලැබී තිබු බව ද පොලිසිය සඳහන් කළා.

එ‍් අනුව පොලිසිය විසින් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් හා පූවරසන්කුලම පොලිසිය කැණීම් සිදු කිරීම සඳහා එක්ව සිටියා.

පැය කිහිපයක් බැකෝ යන්ත්‍ර දෙකක් ආධාරයෙන් ඉඩම තුළ කැණීම් සිදුකළ අතර අවි ආයුධ හෝ වෙනත් කිසිවක් සොයාගැනීමට හැකි වූයේ නැහැ.

කැණිම් කළ ස්ථානයන් හි කිසිවක් හමු නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත නියෝග කරනු ලැබුවේ කැණීම් කළ ස්ථාන යළි වසා දමන ලෙසයි.

අදාළ ස්ථානයේ කැණීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පූවරසන්කුලම පොලිසිය වෙත නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

01 1
03
04
06
07
09
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40