spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා කිලිනොච්චියේ අත්සන් ව්‍යාපාරයක් (ඡායාරූප)

ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙසට ඉල්ලා රජයට බලකෙරෙන අත්සන් ව්‍යාපාරයක් අද (24) දින කිලිනොච්චියෙන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

කිලිනොච්චිය බස්නැවතුම්පල අසල වෙළඳ සංකීරණය ඉදිරිපිටදී මෙම අත්සන් ව්‍යාපාරය ආරම්භ කොට ඇත්තේ දෙමළ ජාතික තරුණ සංගමයයි.

කිලිනොච්චියෙන් ආරම්භ කරන ලද මෙම අත්සන් ව්‍යාපාරය ඉදිරියේදී උතුරේ සෙසු දිස්ත්‍රීක්ක වූ මුලතිව්, වවුනියාව, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හීද ක්‍රියාත්මක කොට ලක්ෂ සංඛ්‍යාත අත්සන් ජාත්‍යන්තරයේ අවධානයට යොමු කරවීමටයි ඔවුන්ගේ බලාපොරොත්තුව.

එහිදී අත්සන් ව්‍යාපාරය සංවිධානය කරන ලද දෙමළ ජාතික තරුණ සංවිධානයේ නියෝජිතයින් වැඩිදුරටත් පවසා සිටියේ,

“යුද්ධය අවසන් වී වසර 13 ක් ගෙවිලා ඉවරයි නමුත් ත්‍රස්තවාදිය වැලක්වීමේ පනත කියාගෙන අපේ යුද්ධයෙන් අවතැන් වී නැවත පදිංචි වූ ජනතාව අත්අඩංගුවට ගැනීම් , සිරගත කිරීම් වැනි අසාධාරණ ක්‍රිියාවන් සිදුකෙරෙනවා.
මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා මේ වෙනකොට විශාල පරිසක් දේශපාලන සිරකරුවන් වෙලා දුක් විඳිනවා.
මේ අයගේ පවුල්වල සාමාජිකයින් අද සමාජයෙන් කොන්වීම, ආර්ථිකය කඩාවැටීම, දරුවන් යහමගට නොයෑම වැනී භයානක වාතාවරණයකට එලඹිලා. නමුත් බලධාරීන් කිසිදු විසඳුමක් නොදී තවත් මේ ජනතාව රවටමින් සිටිනවා”

යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?