ත්‍රස්තවාදයේ අනුග්‍රාහකයන්ගෙන් අපිට ඉගෙන ගන්නට පාඩමක් නැහැ- ජිනීවා හිදී ඉන්දියාවෙන් පාකිස්තානයට අතුල් පහක්

දේශසීමා ත්‍රස්තවාදය, සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වන සැසිවාරයේ දී පාකිස්තානයට දැඩිව දොස් පවරනු ලැබුවා.

ඉන්දීය නියෝජිත ක්ෂිතිජ් ත්‍යාගි පාකිස්තානය දිගින් දිග⁣ටම ජාත්‍යන්තර සංසද අනිසි ලෙස භාවිතා කිරීම හෙළා දුටුවා.

තම පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට ඉන්දියාව දැඩිව කැප වී සිටින බව ද ඔහු අවධාරණය කළා.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දැක්වීම, OIC වැනි ජාත්‍යන්තර සංසද තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීම සහ අසත්‍ය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඔහු පාකිස්තානයට චෝදනා කරමින් පැවසුවේ ත්‍රස්ත ජාලයන්ට සහාය දක්වන රාජ්‍යයකින් ඉන්දියාවට උපදෙස් අවශ්‍ය නොවන බවයි.

පුල්වාමා, උරි, පතන්කොට්, මුම්බායි ඇතුළු ප්‍රධාන ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් සහ මෑත කාලීන පහල්ගම් ප්‍රහාරය ත්‍යාගි සිහිපත් කළ අතර, එය දේශසීමා ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයේ ප්‍රමාණය පෙන්නුම් කරන්නක් බව පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?