තව සති කිහිපයකින් කොවිඩ් නව ප්‍රවණතා හමුවීමක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි සති 3 හෝ 4 ඇතුළත කොරෝනා රෝගයේ නව ප්‍රවණතාවන් මෙරටින් හමුවීමට ඉඩකඩ ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා .

මේ අවස්ථාවේදී රෝග පාලනය අත්හැර දමා ඇති නිසා එහි ප්‍රතිඵල තවත් සති තුන හතරකින් දැකගැනීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කරනවා .

පී.සී.ආර්.වාර්තා ප්‍රමාණය හෝ දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය මත මෙරට සිටින කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණයෙහි අඩුවක් ඇතැයි යන්න කිසිසේත්ම නිගමයකට එළැඹිය යුතු නැති බවත් එම සංඛ්‍යා ලේඛන වැරදීමට වුවද ඉඩකඩක් ඇති බවත් රවී කුමුදේශ් මහතා පවසනවා.

මේ උදාවී ඇත්තේ රටේ ජනතාවගේ ආරක්ෂාව ඔවුන්ටම පැවරුණු කාලයක් නිසා සංඛ්‍යා ලේඛන මත පදනම්ව ආරක්ෂාවේ බැමි කිසිසේත්ම ලිහිල් නොකළ යුතු බවද රවී කුමුදේශ් මහතා අවධාරණය කරනවා.

වළෙන් ගොඩ ඒමට දඟලන පිරිස නැවතත් වළටම ඇද දමන්නාක් සේ අමාරුවෙන් රෝගයේ ව්‍යාප්තිය පාලනය කළ පසු ව්‍යාපාරික වුවමනාවන්ට මුල් තැන දෙමින් කටයුතු කිරීම තුළ රෝග පාලනය ගිලිහෙන බවත් එක රැල්ලක අවසානය අත්හැරීම තුළ ස්වාභාවික සංසිද්ධියක් සේ නව රැල්ලක් ඇති වන බවද රවී කුමුදේශ් සඳහන් කරනවා.

මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණවල අවධානය වෙනතකට යොමුව ඇති නිසා රටට අවසාන වශයෙන් නිකුත්වන දත්ත නැවත අවිධිමත් භාවයකට පත් වී ඇතැයිද සභාපතිවරයා පවසනවා.

දිගින් දිගටම අවිධිමත් අයුරින් දත්ත නිකුත් කිරීම තුළ මාර්තු අප්‍රේල් මාසවල මෙන් තත්ත්වයක් රට තුළ නිර්මාණය වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි වනු ඇතැයිද ඔහු පෙන්වා දෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?