තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම සිය ධුරයෙන් ඊයේ (14 වැනිදා) ඉල්ලා අස්විය.

මණ්ඩලයෙන් තමන්ට ලැබෙන මාසික වේතනය එකතු කර 199 දෙනකු වන සියලුම සේවකයන්ට පසුගිය වසරේදී දිරි දීමනා ලබා දීමට කටයුතු කළ සභාපතිවරයා සිය පෞද්ගලික වියදමින් මණ්ඩලයට අයත් ගොඩනැගිලි පවා අලුත්වැඩියා කළ බව එහි සේවකයෝ පවසති.

දිරිදීමනා ලබා දීමට රුපියල් දසලක්ෂයක් අවශ්‍ය වී ඇති අතර සභාපතිවරයාගේ වසරක වැටුප ඒ සඳහා ප්‍රමාණවත් වී නැත. ඒ අනුව ඉතිරි මුදල ද පෞද්ගලිකව ලබා දීමට සභාපතිවරයා කටයුතු කළ බව මණ්ලයේ සුබසාධක සංගමයේ සභාපති පසන් පීරිස් ‘අරුණ’ට ඊයේ (14 වැනිදා) පැවසීය.

එමෙන්ම වී වේලන තාක්ෂණයක පේටන්ට් අයිතිය හිමි ඒ මහතා අම්පාර, කිලිනොච්චිය, නිකවැරටිය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල වී වේලන මධ්‍යස්ථාන සිය පෞද්ගලික ධනයෙන් ඉදි කර වී අලෙවි මණ්ඩලයට භාර දී ඇත. එම මධ්‍යස්ථානවලින් තමන්ගේ වී නොමිලේ වේලා එම වී මණ්ඩලයට ලබා දෙන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

එම මධ්‍යස්ථාන ඇති කිරීමට සභාපතිවරයා කටයුතු කර ඇත්තේ මණ්ඩලයට වී ලබා දීම සඳහා ගොවීන් පෙලඹවීමට බවත් එහි සේවකයෝ සඳහන් කරති. සභාපති තනතුර වෙනුවෙන් මණ්ඩලයෙන් ලැබෙන නිල නිවස, දුරකථන පහසුකම් ඇතුළු කිසිදු පහසුකමක් ඒ මහතා ලබාගෙන නොමැත.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග 2019 වසරේ දී තුන් වසරක කාලයක් සඳහා සභාපති ධුරය භාරගත් ඒ මහතා වසර විස්සකට අධික කාලයක් එම මණ්ඩලයේම සේවා අත්දැකීම් සහිත ඉංජිනේරුවරයෙකි. මණ්ඩලයේ සේවය කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ආචාර්ය උපාධිය ලබා යළි පැමිණ මෙම තනතුර භාරගෙන ඇත්තේ රටට සේවයක් කිරීමේ අරමුණිනි. සභාපතිවරයා සිය ධුරයෙන් ඉවත් වී ඇත්තේ පෞද්ගලික හේතු මතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?