තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම සිය ධුරයෙන් ඊයේ (14 වැනිදා) ඉල්ලා අස්විය.

මණ්ඩලයෙන් තමන්ට ලැබෙන මාසික වේතනය එකතු කර 199 දෙනකු වන සියලුම සේවකයන්ට පසුගිය වසරේදී දිරි දීමනා ලබා දීමට කටයුතු කළ සභාපතිවරයා සිය පෞද්ගලික වියදමින් මණ්ඩලයට අයත් ගොඩනැගිලි පවා අලුත්වැඩියා කළ බව එහි සේවකයෝ පවසති.

දිරිදීමනා ලබා දීමට රුපියල් දසලක්ෂයක් අවශ්‍ය වී ඇති අතර සභාපතිවරයාගේ වසරක වැටුප ඒ සඳහා ප්‍රමාණවත් වී නැත. ඒ අනුව ඉතිරි මුදල ද පෞද්ගලිකව ලබා දීමට සභාපතිවරයා කටයුතු කළ බව මණ්ලයේ සුබසාධක සංගමයේ සභාපති පසන් පීරිස් ‘අරුණ’ට ඊයේ (14 වැනිදා) පැවසීය.

එමෙන්ම වී වේලන තාක්ෂණයක පේටන්ට් අයිතිය හිමි ඒ මහතා අම්පාර, කිලිනොච්චිය, නිකවැරටිය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල වී වේලන මධ්‍යස්ථාන සිය පෞද්ගලික ධනයෙන් ඉදි කර වී අලෙවි මණ්ඩලයට භාර දී ඇත. එම මධ්‍යස්ථානවලින් තමන්ගේ වී නොමිලේ වේලා එම වී මණ්ඩලයට ලබා දෙන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

එම මධ්‍යස්ථාන ඇති කිරීමට සභාපතිවරයා කටයුතු කර ඇත්තේ මණ්ඩලයට වී ලබා දීම සඳහා ගොවීන් පෙලඹවීමට බවත් එහි සේවකයෝ සඳහන් කරති. සභාපති තනතුර වෙනුවෙන් මණ්ඩලයෙන් ලැබෙන නිල නිවස, දුරකථන පහසුකම් ඇතුළු කිසිදු පහසුකමක් ඒ මහතා ලබාගෙන නොමැත.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග 2019 වසරේ දී තුන් වසරක කාලයක් සඳහා සභාපති ධුරය භාරගත් ඒ මහතා වසර විස්සකට අධික කාලයක් එම මණ්ඩලයේම සේවා අත්දැකීම් සහිත ඉංජිනේරුවරයෙකි. මණ්ඩලයේ සේවය කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ආචාර්ය උපාධිය ලබා යළි පැමිණ මෙම තනතුර භාරගෙන ඇත්තේ රටට සේවයක් කිරීමේ අරමුණිනි. සභාපතිවරයා සිය ධුරයෙන් ඉවත් වී ඇත්තේ පෞද්ගලික හේතු මතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46