තවත් පොල්තෙල් බහාලුම් තොගයක් ප්‍රතිඅපනයට පියවර

ඇෆ්ලටොක්සීන් අඩංගු ආනයනික අනෙක් පොල්තෙල් බහාලුම් ද ඉදිරි සතිය තුළදී ප්‍රතිඅපනයනය කරන බව, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මේ වනවිට අහිතකර පොල්තෙල් අඩංගු බහාලුම් 6 ක් ප්‍රතිඅපනයනය කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.