තවත් ප්‍රදේශ රැසකට නාය යාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසකට නිකුත් කර ඇති නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මේ හේතුවෙන් නායයාමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.

අකුරැස්ස දියලපේ ප්‍රදේශයේ ජනතාවගේ අවදානය හේතුවෙන් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ බව ද එම සංවිධානය ප්‍රකාශ කළා.

ප්‍රදේශ වාසීන්ගේ සැලකිලිමත් භාවය මඟින් අවදානම කලින් හඳුනාගත් නිසා ජීවිත රැසක් ආරක්ෂා වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පවතින වැසි තත්වය හමුවේ නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කළ ප්‍රදේශ අතරට අලුතින් ප්‍රදේශ 3ක් ද එක්වී තිබෙනවා.

ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල යන ප්‍රදේශවලටයි.

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ මෙම නිවේදනය හෙට පෙරවරු 9 දක්වා වලංගු වනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, කඩවත් සතර, තවලම, අම්බලන්ගොඩ, නියාගම, අක්මීමන, ඉමදූව, බෝපෙ පොද්දල, යක්කලමුල්ල, බද්දේගම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, ඉංගිරිය, අගලවත්ත, බුලත්සිංහල, දොඩන්ගොඩ, පාලින්දනුවර මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර, කොටපොල, වැලිපිටිය, මුලටියාන, තිහගොඩ, මාලිම්බඩ, මාතර, කඹුරුපිටිය, පස්ගොඩ, කිරින්ද පුහුල්වැල්ල, හක්මන, අතුරලිය (විශේෂ: කන්ඩි කඩාවැටීම්), රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, ඇලපාත, ඇහැළියගොඩ, කුරුවිට, කොලොන්න, ඉඹුල්පෙ, ඕපනායක, කහවත්ත, ගොඩකවෙල, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල සහ වැලිගෙපොල, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගෙ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල යන ප්‍රදේශවල අවදානම් ස්ථානවල ජිවත්වන ජනතාව සැලකිලිමත් විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20