Empty Ad
AFC Banner
Empty Ad

තවත් ප්‍රදේශ රැසකට නාය යාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසකට නිකුත් කර ඇති නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මේ හේතුවෙන් නායයාමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.

අකුරැස්ස දියලපේ ප්‍රදේශයේ ජනතාවගේ අවදානය හේතුවෙන් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ බව ද එම සංවිධානය ප්‍රකාශ කළා.

ප්‍රදේශ වාසීන්ගේ සැලකිලිමත් භාවය මඟින් අවදානම කලින් හඳුනාගත් නිසා ජීවිත රැසක් ආරක්ෂා වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පවතින වැසි තත්වය හමුවේ නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කළ ප්‍රදේශ අතරට අලුතින් ප්‍රදේශ 3ක් ද එක්වී තිබෙනවා.

ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල යන ප්‍රදේශවලටයි.

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ මෙම නිවේදනය හෙට පෙරවරු 9 දක්වා වලංගු වනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ, කඩවත් සතර, තවලම, අම්බලන්ගොඩ, නියාගම, අක්මීමන, ඉමදූව, බෝපෙ පොද්දල, යක්කලමුල්ල, බද්දේගම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, ඉංගිරිය, අගලවත්ත, බුලත්සිංහල, දොඩන්ගොඩ, පාලින්දනුවර මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර, කොටපොල, වැලිපිටිය, මුලටියාන, තිහගොඩ, මාලිම්බඩ, මාතර, කඹුරුපිටිය, පස්ගොඩ, කිරින්ද පුහුල්වැල්ල, හක්මන, අතුරලිය (විශේෂ: කන්ඩි කඩාවැටීම්), රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, ඇලපාත, ඇහැළියගොඩ, කුරුවිට, කොලොන්න, ඉඹුල්පෙ, ඕපනායක, කහවත්ත, ගොඩකවෙල, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල සහ වැලිගෙපොල, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගෙ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල යන ප්‍රදේශවල අවදානම් ස්ථානවල ජිවත්වන ජනතාව සැලකිලිමත් විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21

?