තවත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වීමේ ‘අවදානමක් ගැන’ ඇඟ කිලිපොලායන අනතුරු ඇගවීම

සමාජ ව්‍යාප්තියක් සහිතව ඉහළ අගයකින් රෝගීන් වාර්තාවෙමින් කොවිඩ් පස්වැනි රැල්ලක් නිර්මාණය වීමේ අවදානම් සහගත මොහොතක කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට පවතින කොවිඩ් පරීක්‍ෂණ ධාරිතා කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන බව අද (26) සඳහන් කෙරුණා.

ඒ,පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින්.

කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ රටවල රෝගීන් හඳුනා ගැනීමේ පරීක්‍ෂණ කිසිසේත් සීමාසහිත සාධකයක් වී නොමැති බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු එහිදී සඳහන් කර තිබෙනවා.

මේ වන විට ලෝකයේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා තාක්‍ෂණිකව දියුණු සහ අඩු පිරිවැයකින් යුත් ඉතා කෙටි කාලයකින් වාර්තාවන් ලැබෙන ක්‍රමවේද විශාල ප්‍රමාණයක් භාවිත කරන බව පෙන්වා දෙන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට භාවිත කරනු ලබන්නේ, RT-PCR පරීක්‍ෂණය සහ ක්‍ෂණික ප්‍රතිදේහජනක (Rapid Antigen) පරීක්‍ෂාව (RAT) පමණක් බවද සඳහන් කරනවා.

එම RT-PCR පරීක්‍ෂණයක් සඳහා රුපියල් 6000ක් වැනි අධික මුදලක්ද, RAT පරීක්‍ෂණය සඳහා රුපියල් 2500ක් වැනි අධික මුදලක්ද වැය වන අතර, මෙහිදී ඇතැම් සමාගම් අසීමිත ලෙස ලාභ ලබන බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙනවා.

ඇතැම් රටවල් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‍ෂණ ඉතා අඩු පිරිවැයකට ලබා ගැනීමට හැකි අතර, එම පරීක්‍ෂණය තමන්ටම සිදුකර ගත හැකි ලෙස ඉතා සරල ක්‍රමවේදයන්ද හඳුන්වාදී ඇතැයි හෙතෙම සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?