තල්මසුන් දිය යට මව්කිරි දෙන හැටි

මේ ඉන්නේ මවගෙන් කිරිබොන තල්මස් පැටියෙක්. මුහුදේදී කිරි බොන්න පුළුවන්ද?

තල්මසුන් කියන්නේ සමුද්‍ර ක්ෂීරපායින්. ඉතින් පැටව් බිහි කිරීමේ සිට ගොඩබිම් ක්ෂීරපායි සත්වයින්ට තියෙන ගති ලක්ෂණම පිහිටනවා. තල්මසුන්ගේ කිරිවල උකු බව බොහෝ සෙයින් වෙනස්. තල්මසුන්ගේ කිරි වල 35% – 50% මේද සාන්ද්‍රණය බහුලව දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් කිරි ජලයේ දියවෙන ද්‍රාවණයක්. නමුත් තල්මසුන්ගේ කිරි වල අධික මේදය අඩංගු වන නිසාම ඒවා දන්තාලේප තරම් ඝනත්වයකින් යුක්ත වෙනවා. ඒ නිසා ඒවා දියවීමක් සිදු වන්නේ නැහැ.

තල්මසුන් විශේෂ නිල් තල්මසුන් දිනකට කිරි ගැලුම් 150 කට වඩා පානය කරනවා. උපතේ මුල් මාස කිහිපය තුළ කිරි පානය කිරීමෙන් සෑම දිනකම පහසුවෙන් රාත්තල් 100 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ බර වැඩිවීමක් සිදු වෙනවා.