තලංගම වෙඩි තැබීමේ සැකකරුවෙක් සිංගප්පූරුවට පළාගොස් සිටියදී අල්ලයි

දකුණු තලංගම කොරාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පලා ගිය සැකකරුවෙකු නැවත ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 25 වනදා කොරාව ප්‍රදේශයේ දී මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙක් බව කියන ජානක පුෂ්පකුමාර නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා පළා යන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත ගුවන් යානය පිටව යන අවස්ථාවේදීම සැකකරුට විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

එම පුද්ගලයා සිංගප්පූරුවට ගොඩ බැස සිටියදී එරට ආරක්ෂක අංශ සහාය මත යළි ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලදී අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරුවෙක්.

අතුරුගිරියේ ලඩියාගේ කල්ලියේ දැනුම්දීම මත මෙම සැකකරු විසින් අදාළ ඝාතනයට යොමුව ඇති බව සිදු කළ මූලික විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන තව දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?