AFC Banner
Empty Ad
Empty Ad

තරු පහේ හෝටලේ කාමරයකින් හමු වූ මෘත ශරීරවල සයිනයිඩ්?

බැංකොක් පිහිටි තරු පහේ සුපිරි හෝටලයේ කාමරයක තිබී හමු වූ විදේශීය ජාතිකයින් සය දෙනා ජීවිතක්ෂයට පත් ව ඇත්තේ සයිනයිඩ් මිශ්‍රිත තේ පානය කිරීමෙන් බවට හෙළි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම මියගිය පුද්ගලයින් අතර වියට්නාම සම්භවයක් සහිත සිව්දෙනෙකු සහ දෙදෙනකු අමෙරිකානුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (16) පස්වරු 05ට පමණ මෙම සිදුවීම සිදු ව ඇත්තේ Grand Hyatt Erawan නමැති තරු පහේ හෝටල්‍යේ දීයි.

තායිලන්තයේ Matichon ප්‍රාදේශීය පුවත්පතට අනුව මියගිය පිරිස බිම වැටී සිටියේ මුඛයෙන් පෙණ දමමින් බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් එය සයිනයිඩ් නමැති උග්‍ර විෂ රසායනිකය ශරීරගත වීමෙන් විය හැකි බවටයි එරට ප්‍රාන්ත පොලිසිය පැවසුවේ.

එමෙන්ම තායි PBS වාර්තා කරන පරිදි මෙම මියගිය පුද්ගලයින් සයදෙනා ම රාත්‍රී කෑමට සූදානම් ව සිට ඇති බවත්; තේ පානය සිදු කළ ද, කිසිවෙකු ආහාර වෙත අත නොතබා ඇති බවයි.

මීට පෙර ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

නමුත් එය තරයේ තමන් ප්‍රතික්ෂේප කරන බව ද තායි පොලිසිය පවසනවා.

මොවුන් සෙනසුරාදා සහ ඉරිදා තායිලන්තයට පැමිණ ඇති අතර; ඔවුන් බැංකොක්හි ග්‍රෑන්ඩ් හයට් හෝටලයට වෙන වෙනම අවස්ථා දෙකක දී පැම්ණ තිබෙන බව ද හෙළි ව තිබෙනවා.

කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙන් වෙන්ව කාමර වෙන් කරවාගෙන ඇතත් ඔවුන්ගේ සිරුරු හමුව ඇත්තේ එක කාමරයක තිබියදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?