තරු පහේ හෝටලේ කාමරයකින් හමු වූ මෘත ශරීරවල සයිනයිඩ්?

බැංකොක් පිහිටි තරු පහේ සුපිරි හෝටලයේ කාමරයක තිබී හමු වූ විදේශීය ජාතිකයින් සය දෙනා ජීවිතක්ෂයට පත් ව ඇත්තේ සයිනයිඩ් මිශ්‍රිත තේ පානය කිරීමෙන් බවට හෙළි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම මියගිය පුද්ගලයින් අතර වියට්නාම සම්භවයක් සහිත සිව්දෙනෙකු සහ දෙදෙනකු අමෙරිකානුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (16) පස්වරු 05ට පමණ මෙම සිදුවීම සිදු ව ඇත්තේ Grand Hyatt Erawan නමැති තරු පහේ හෝටල්‍යේ දීයි.

තායිලන්තයේ Matichon ප්‍රාදේශීය පුවත්පතට අනුව මියගිය පිරිස බිම වැටී සිටියේ මුඛයෙන් පෙණ දමමින් බවත් වාර්තා වනවා.

මේ හේතුවෙන් එය සයිනයිඩ් නමැති උග්‍ර විෂ රසායනිකය ශරීරගත වීමෙන් විය හැකි බවටයි එරට ප්‍රාන්ත පොලිසිය පැවසුවේ.

එමෙන්ම තායි PBS වාර්තා කරන පරිදි මෙම මියගිය පුද්ගලයින් සයදෙනා ම රාත්‍රී කෑමට සූදානම් ව සිට ඇති බවත්; තේ පානය සිදු කළ ද, කිසිවෙකු ආහාර වෙත අත නොතබා ඇති බවයි.

මීට පෙර ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

නමුත් එය තරයේ තමන් ප්‍රතික්ෂේප කරන බව ද තායි පොලිසිය පවසනවා.

මොවුන් සෙනසුරාදා සහ ඉරිදා තායිලන්තයට පැමිණ ඇති අතර; ඔවුන් බැංකොක්හි ග්‍රෑන්ඩ් හයට් හෝටලයට වෙන වෙනම අවස්ථා දෙකක දී පැම්ණ තිබෙන බව ද හෙළි ව තිබෙනවා.

කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙන් වෙන්ව කාමර වෙන් කරවාගෙන ඇතත් ඔවුන්ගේ සිරුරු හමුව ඇත්තේ එක කාමරයක තිබියදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16