තරුණ මෝස්තර ශිල්පියා ලිපි 13ක් ලියා තබා ජීවිතයෙන් නික්ම යයි

” අත් නොහැර – අත්හැර බලා සිටිමි” යනුවෙන් පොතක් ලියා පරිගණක ගත කළ තරුණ මෝස්තර ශිල්පියාගේ ගේ මළ සිරුර සැකකටයුතු ලෙස නිවසේ උඩු මහලේ නාන කාමරය ඉදිරිපිට එල්ලෙමින් තිබියදී හමුවූ බව කැස්බෑව පොලිසිය පවසනවා.

ඊට අමතරව මියගිය තරුණයා විසින් මවට පියාට හා සමීප ඥාතීන් වෙත ලියන ලද ලිපි 13 ක් පොලිසිය මඟින් සොයා ගැනිණි

මෙසේ මියගොස් ඇත්තේ කැස්බෑව මාකන්දන විජිතපුර පලවෙනි පටුමග පදිංචිව සිටි වෙන්නප්පුලි ආරච්චිගේ ඉසුරු නෙරන්ජන 30 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

මියගිය තරුණයා පෙරේදා (15) රාත්‍රී 8.30 ට මව්පියන් දෙදෙනා සමඟ කතාබස් කරමින් සිට ඇති අතර ඔහුට රාත්‍රී ආහාර ගැනීම යැයි පැවසීමට මව තම එකම පුතු රැඳී සිටින කාමරය අසලට ගිය අවස්ථාවේදී කාමරයේ දොර වසා තිබු බැවින් මද වේලාවක් කතා කර ඔහු නින්ද ගොස් ඇතැයි මව පැමිණ තිබූ බව පොලිසිය පැවසීය. අනතුරුව ඊයේ (16) අළුයම උදෑසන තේ රැගෙන කාමරය අසලට ගොස් පුතුට කතා කිරීමේදී කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් සැමියාට ඒ බව පැවසීමෙන් අනතුරුව ඔහු පැමිණ තරුණයා රැඳී සිටින කාමරය ඉදිරිපිට බංකුවක් තබා දොරේ කවුළු අතරින් බැලීමේදී ඔහු ඇඳ මත දකින්නට ලැබී නැතැයි පොලීසිය සඳහන් කරයි

අනතුරුව අසල්වාසීන්ට ඒ සම්බන්ධයෙන් පවසා ඔවුන් පැමිණ කාමරයේ දොර කඩා බැලීමේදී ඔහු ගේ සිරුර එල්ලෙමින් තිබුණු දැක පොලිසියට දැනුම් දී ඇත

පොලිස් නිලධාරීන් පැමිණ සිදුකළ මූලික විමර්ශනවල දී තරුණ මෝස්තර ශිල්පියා ගේ සිරුර ජනෙල් තිර රෙද්දකින් කාමරය අභ්‍යන්තරයේම තිබෙන නාන කාමරයේ දොර ඉහළ කව්ළුවෙ එල්ලෙමින් තිබූ බව දැක තිබූ බව පොලිසිය පැවසීය

අනතුරුව පොලිස් නිලධාරීන් තවදුරටත් පරික්ෂා කිරීමේදී ඔහුගේ කාර්යාලය තුළ ” අත් නොහැර- අත්හැර බලා සිටිමි” මිය ගිය තරුණයා විසින් ලියන ලද පිටු 21කින් සමන්විත පරිගණකගත කල කුඩා පොතෙහි පළවෙනි පිටුවේ “මරණය කියන්නේ මහා අමුතු වචනයක්,නිතර අහන්න අකමැති වචනයක් , නිතර දකින්න වෙන , ඒත් අපි දකින්න අකමැති සිදුවීමක් ,නිතර කියන්න වෙන ඒත් කියන්න අකමැති වචනයක් කිව්වොත් මම වැරදි නෑ කියලා හිතනවා , යනුවෙන් ආරම්භ කර තිබූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය

තවද ඒ අසලම මව හා පියා අමතා ඔයාලා මට ගොඩක් ආදරෙයි බව මම දන්නවා , ඒ වගේම ඔයාල හිතනවටත් වඩා මම ඔයාලට ආදරෙයි , මම නිසා ඔයාලට දුක් විඳින්න දෙන්න බැරි නිසයි අද මේ ජීවිතය ජීවිතය මම අත්හැරියේ,ඒත් මේ ලෝකෙ මම තාම ජීවත් වෙනවා කියලා මතක තියාගෙන සතුටෙන් ඉන්න මගේ අම්මේ තාත්තේ යනුවෙන් හා සමීප ඥාතීන්ට ලියන ලද ලිපි 13 ක් කවරවල බහා අවසන් කැමැත්ත පත්‍ර මෙයයි ! මගේ මරණයත් සමග එක් එක් කවර නම් සඳහන් අය වෙත බාරදෙන්න යනුවෙන් ලියා තිබූ බව පොලිසිය සඳහන් කරයි

තම පුතු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 10 සහ 3 බැගින් ලබාගෙන තිබූ බවත් එම මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් පොලිසිවලට පැමිණිලි කර අනතුරුව ලබා දීම අතපසු වූ හෙයින් තම පුතු රිමාන්ඩ් භාරයට පවා පත් වූ බවත් මාව පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී තිබිණි.

ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ

කැස්බෑව පොලිසිය පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
9
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?