තරුණ තරුණියන්ට පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථාවක්

තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ එම සංසදය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ සභාපතීත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මේ අනුව මේ සම්බන්ධයෙන් ගරු කථානායකතුමා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද සංසදයේ සභාපතිවරයා පවසා සිටියා.

එසේම සංසදයේ දැක්ම සහ මෙහෙවර නිවැරදිව සකසා ගැනීම, ජාත්‍යන්තර තරුණ සංසද සමඟ සම්බන්ධ වෙමින් මෙරට තරුණයන්ට පවතින අවස්ථාවන් වැඩිදියුණු කරගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබුණා.

එමෙන්ම තාරුණ්‍ය මත්ද්‍රව්‍යවලින් ඈත් කිරීම සහ ව්‍යවසායකත්වය හා කර්මාන්ත වැඩිදියුණු කිරීමට අදාළව වැඩපිළිවෙලක් සකස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වූ බවද වර්තවනවා.

ඒ අනුව තාරුණ්‍ය මත්ද්‍රව්‍යවලින් ඈත් කිරීම සම්බන්ධයෙන් සහ ව්‍යවසායකත්වය හා කර්මාන් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කමිටු ද්විත්වයක් සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් පත් කිරීමද සිදුවුණා.

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ ගමගේ , නිතීඥ හසාර ලියනගේ ඇතුළු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !