වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑ ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බවයි
ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි එම මළ සිරුර ආසන්නයේ තිබී වස කුප්පියක් ද සොයාගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.
මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)
මේ හා සබැදි නව පුවත – මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න..