තරුණයෙකුට දිවි අහිමි කළ අනතුර – තවත් අයෙකුට බරපතළයි (CCTV දර්ශන)

නුවර – කොළඹ මාර්ගයේ, කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබේ.

ඊයේ (12) රාත්‍රී 11.30ට පමණ වේගයෙන් පැමිණි යතුරුපැදියක් එක්වරම U හැරවුමකින් හරවා ඉදිරියට ගමන් කරනවාත් සමග ම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී අනතුර සිදුවේ.

අනතුරින් පසුපැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

යතුරුපැදිකරු හා පසුපැදිකරු බීමතින් සිට ඇති බවත් නොසැලකිළිමත් ලෙස යතුරුපැදිය පැදවීමෙන් අනතුර සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

අනතුරින් 30 හැවිරිදි පෙරමුණ මාවත, ඇල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සංඛ විශුද්ධි මුණසිංහ නැමති තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, තවත් රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව සඳහන් වේ.

මේ අතර මහනුවර යාපනය මාර්ගයේ ගමන් කළ බස් රථයක පුද්ගලයෙකු ගැටීමෙන් බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09