තරග අධ්‍යක්ෂකගේ අපහාසයට ලක්ව විශ්ව රූ රැජින වූ මෙක්සිකෝවේ සුරූපිනිය

74 වැනි විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව නියෝජනය කළ ෆාතිමා බෝෂ් විසින් දිනාගෙන තිබෙනවා.

ඒ තායිලන්තයේ ඇති උත්කර්ෂවත් අයුරින් පැවති විශ්ව රූ රැජින අවසාන මහා තරඟයේදීයි.

විනිසුරුවන් ඉල්ලා අස්වීම, තරගකාරිනියන් කිහිපදෙනෙක් වේදිකාවේ ඇද වැටීම මෙන්ම බ්‍රිතාන්‍ය රූ රැජිනට මරණ තර්ජන එල්ල වීම වැනි සිදුවීම් රැසක් සිදු වූ මෙම තරගාවලියේ දී කිරුළ හිමිකරගත් ෆාතිමා බෝෂ්ටද කටුක අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණා.

තරගාවලියේ තායිලන්ත අධ්‍යක්ෂකවරයාගෙන් තරගාවලිය අතරතුර දී දැඩි අපහාසයට පත්වීම සම්බන්ධයෙන් ෆාතිමා බෝෂ් ලෝකය පුරා ප්‍රේක්ෂකයින් රැසකගේ අවධානයට ලක් වුණා.

කෙසේ වෙතත් තරගාවලියේ අවසාන මහා තරගයේ දී පළමු අනුශුරිය ලෙස සත්කාරකත්වය දැරූ තායිලන්තයේ තරගකාරියත්, දෙවන අනුශුරිය ලෙස වෙනිසියුලා තරගකාරියත් ජයග්‍රහණය කළා.

තායිලන්තය සත්කාරකත්වය දැරූ මෙම තරගාවලියේ ජනප්‍රියතම තරඟකාරිය වූ තායිලන්ත තරගකාරිය පරාජය කරමින් බෝෂ් විසින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීමද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?