තරග අධ්‍යක්ෂකගේ අපහාසයට ලක්ව විශ්ව රූ රැජින වූ මෙක්සිකෝවේ සුරූපිනිය

74 වැනි විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව නියෝජනය කළ ෆාතිමා බෝෂ් විසින් දිනාගෙන තිබෙනවා.

ඒ තායිලන්තයේ ඇති උත්කර්ෂවත් අයුරින් පැවති විශ්ව රූ රැජින අවසාන මහා තරඟයේදීයි.

විනිසුරුවන් ඉල්ලා අස්වීම, තරගකාරිනියන් කිහිපදෙනෙක් වේදිකාවේ ඇද වැටීම මෙන්ම බ්‍රිතාන්‍ය රූ රැජිනට මරණ තර්ජන එල්ල වීම වැනි සිදුවීම් රැසක් සිදු වූ මෙම තරගාවලියේ දී කිරුළ හිමිකරගත් ෆාතිමා බෝෂ්ටද කටුක අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණා.

තරගාවලියේ තායිලන්ත අධ්‍යක්ෂකවරයාගෙන් තරගාවලිය අතරතුර දී දැඩි අපහාසයට පත්වීම සම්බන්ධයෙන් ෆාතිමා බෝෂ් ලෝකය පුරා ප්‍රේක්ෂකයින් රැසකගේ අවධානයට ලක් වුණා.

කෙසේ වෙතත් තරගාවලියේ අවසාන මහා තරගයේ දී පළමු අනුශුරිය ලෙස සත්කාරකත්වය දැරූ තායිලන්තයේ තරගකාරියත්, දෙවන අනුශුරිය ලෙස වෙනිසියුලා තරගකාරියත් ජයග්‍රහණය කළා.

තායිලන්තය සත්කාරකත්වය දැරූ මෙම තරගාවලියේ ජනප්‍රියතම තරඟකාරිය වූ තායිලන්ත තරගකාරිය පරාජය කරමින් බෝෂ් විසින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීමද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11