තරගාවලියේ රැදී සිටීමට ශ්‍රී ලංකාවට ලකුණු 147ක ඉලක්කයක්

මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 146ක් රැස් කර ගනු ලැබුවා.

ඒ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී යාමෙන්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 23කට කඩුලු 02ක් සහ මහිෂ් තීක්ෂණ ලකුණු 23කට කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.

සිකන්දර් රාසා පන්දු 29ක් තුළ ලකුණු 37ක් රැස්කර ගත්තා.

ඒ අනුව් ශ්‍රී ලංකාව සඳහා තුන්කොන් තරගාවලියේ අවසන් තරගය දක්වා තරග වැදීමට නම් මෙම තරගය ජයගත යුතුවන අතර ඒ සඳහා ඔවුන්ට හිමිව තිබෙන ඉලක්කය ලකුණු 147ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?