තම වාහන බේරා දීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ටිපර් රථ සේවකයින් විරෝධතාවයක

කල් බදු ලීසිං ක්‍රමයට ලබා ගෙන මිලදී ගෙන ඇති තම වාහන බේරා දීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ටිපර් රථ සේවකයින් විරෝධතාවයක නිරත විය.

ඉකුත් 05 වැනිදා ආරච්චිකට්ටුව නගරයේදී මෙම විරෝධතාවය පැවැත්වුණි.

ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලා වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සහ සංවර්ධන ව්‍යාපෘති සදහා යෙදවීම සදහා ටිපර් රථ මිලදී ගැනීම සිදු කළ බව ඔවුන් සදහන් කරයි.පසුගිය දිනවල ඇති වූ විවිධ හේතු නිසා සංවර්ධන ව්‍යාපෘති නරත වීම සහ කර්මාන්ත ශාලා වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම පාලනය කිරීමත් සමග මෙම ගැටළුව පැන නැගී ඇති බව ඔවුන් සදහන් කරයි.

කල්බදු ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වාහන බලහත්කාරයෙන් අත්පත් කර නොගන්නා ලෙස රජය දන්වා ඇතත් එම ආයතන එකී ඉල්ලීම මේ වන තුරු පිළිගෙන නොමැති බවද විරෝධතාවයට එක්ව සිටි පිරිස කියා සිටියේය. බලහත්කාරයෙන් පැහැර ගෙන යන වාරික ගෙවීම් ප්‍රමාද කර ඇති වාහන අඩු මිලට අලවි කර ඉතිරි මුදල අධිකරණ ක්‍රියා මාර්ග ගෙන හෝ තමන්ගෙන් අය කර ගැනීමට එම ආයතන කටයුතු කරන බවද විරෝධතාවයට එක්ව සිටි පිරිස කියා සිටියේය.

මෙම තත්ත්වය නිසා මිලදී ගෙන ඇති ටිපර් රථ බොහෝමයක් මේ වන විට සගවා තබන්නටද ඒවායේ හිමිකරුවන් කටයුතු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !