ඇල්ලේ බස් අනතුරින් විපතට පත්වූවන්ගේ දිවි බේරූ යුද හමුදා විරුවාට උසස්වීමක් (ඡායාරූප)

ඇල්ල ප්‍රදේශයේ දී පසුගිය දා සිදු වූ බස්රථ අනතුරෙන් පුද්ගලයන් 16 දෙනෙක්ට දිවි අහිමි වූ අතර පුද්ගලයන් 14 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

අනතුර සිදු වී සුළු මොහොතක් ඇතුළත එම ස්ථානයට ප්‍රදේශවාසීන් ඇතුළු මහජනතාව විශාල වශයෙන් රැස් වූ අතර විපතට පත් වූවන් මුදවා ගැනීම සඳහා වෙනුවෙන් එම ජනතාව විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා.

ඒ අතරින් තුවාල ලැබූවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා තම සහයෝගය උපරිමයෙන් ලබා දුන් යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම් බණ්ඩාර කෙරෙහි බොහෝ දෙනෙක් ගේ අවධානය හිමි වුණා.

රාජකාරියෙන් නිවාඩු ලබා නිවස වෙත යමින් සිටි ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර තම ජිවිතය පිළිබඳව ද තැකීමක් නොකර තුවාල ලැබූවන් බේරා ගැනීම සඳහා කටයුතු කළ අතර තුවාල ලැබූවන් බේරා ගෙන ඔවුන්ව ඉහලට රැගෙන එනු ලැබුවා.

එලෙස තුවාල ලැබුවන් ඉහළට රැගෙන එන අතරතුර බෑවුම් ප්‍රදේශයේදී ගලක් පෙරළී යාමෙන් ඔහුගේ හිස ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදු වුවත් ඒ පිළිබද තැකීමක් සිදු නොකර බණ්ඩාර මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා අඛන්ඩව සහභාගී වී සිටියා.

කෙසේ වෙතත් එහි රැඳී සිටි වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් හිසේ සිදු වූ තුවාල නිසා ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු සිදු කෙරුණා.

මේ අතර ඔහු විසින් අනතුරට පත් වූවන් මුදවා ගැනීම වෙනුවෙන් කළ සේවය අගයමින් යුද හමුදාව විසින් ඔහුට ලාන්ස් කෝප්‍රල් තනතුරේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස්වීමක් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඊයේ දිනයේදී හිසට බරපතල තුවාල සිදු වුවද ඒ ගැන නොතකා සිදුකරනු ලැබූ එම නිර්භීත ක්‍රියාව වෙනුවෙන් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් යුද හමුදා මූලස්ථානයේදී ඔහුව ඇගයීමට ලක්කළ අතර මූල්‍යමය පරිත්‍යාගයක්ද ප්‍රදානය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
64
+1
3
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13