AFC Banner
AFC Banner
Empty Ad

තමන් ව සුවපත් කළ වාට්ටුවට දැඩිසත්කාර ඇඳන් පරිත්‍යාග කළ විදෙස් කත

ශ්‍රී ලංකාවේ සංචාරය යෙදෙන අතරතුර දී හදිසියේ ඇති වූ හෘද රෝගයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අමෙරිකානු කාන්තාවක් තමන් සුවපත් වීමෙන් අනතුරුව එම දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඇඳන් 04ක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙම ඇඳන්වල වටිනාකම රුපියල් මිලියනයක් පමණ වටිනාකමක් ඇති බවයි වාර්තා වන්නේ.

Jane Japsen නමැති මෙම විදේශික කාන්තාව සිය ධනයෙන් මිල දී ගත් දැඩි සත්කාර ඇඳන් සතර ඊයේ (06) අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුබුදු රණවීර මහතා වෙත පිරිනැමුවා.

මෙහිදී එම කාන්තාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු නිලධාරින් සිදු කළ වෛද්‍ය සේවාව පිළිබඳ ව ද විශේෂ ස්තුතියක් පුද කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?