තමන් මිය ගිය බව පෙන්වන්න කුරුණෑගල ව්‍යාපාරිකයෙකු සේවකයෙකු මරා පුළුස්සා දමලා

දැඩි ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම මාර්ගය තුළ මෙවන් සිදුවීමක් වීම බොහෝ දෙනා කම්පාවට පත් කරන සිදුවීමක් බවටද පත්ව තිබුණි. මෙම සිදුවීම සිදුව තිබුණේ මලියදේව විද්‍යාලය ආසන්නයේ පිහිටි කුලී නිවසක් ඉදිරිපටදීය.

88 – 89 භීෂණ සමයෙන් පසුව පුද්ගලයෙකු මහ මඟ ජනාකීර්ණ ප්‍රදේශයක මෙලෙස ගිනි තබා මරා තැබූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සඳහන් වෙයි.

වාහම කුරුණෑගල පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එම ස්ථානය වෙත ගොස් තිබුණු අතර කුරුණෑගල – මීගමුව මාර්ගයේ ගල්වල ප්‍රදේශයේ දී කුලී නිවසක මිදුලේ ටයර්යක් මත දමා ගිනි තැබූ පුද්ගලයෙකුගේ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

එම අවස්ථාවේ සිරුර හඳුනාගත නොහැකි ලෙස දැඩිව පිළිස්සී තිබුණු අතර එය කාන්තාවකගේ ද පිරිමි පුද්ගලයකුගේද යන්න සොයා ගත නොහැකි අයුරින් දැවී ගොස් තිබූ බව සඳහන් වෙයි.

පොලීසියට මෙවන් ජනාකීර්ණ ප්‍රදේශයක පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර තිබීම ගැටලුකාරී දෙයක් බවට පත්ව තිබූ අතර මෙය ඝාතනයක් ද, නැතිනම් වෙනත් අයුරකින් සිදු වූවාද යන්න පිළිබඳව සෙවීම ආරම්භ කර තිබුණි.

මෙහිදී පොලීසිය විසින් අදාළ සිදුවීම වූ කුලී නිවසේ සිටි අය ගැන සොයා බලා ඇති අතර එහිදී එක් දෙමළ තරුණයෙකු හා තවත් පුද්ගලයෙකු සිටි බවත්, දෙමළ තරුණයා හැර අනිත් පුද්ගලයා ඒ වන විටත් අතුරුදහන් වී සිට තිබේ.

සිදුවීම සැක පිට දෙමළ තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශද ලබා ගෙන තිබුණි. ඔහු විසින් පොලීසිය වෙත පවසා තිබුණේ අදාළ අතුරුදහන්ව සිටියේ තමන්ගේ බොස් බවත්, ඔහු රාත්‍රී කාලයේ තමන් සමඟ කුලී නිවසේ රැඳී සිටි බවත්, ඔහු උදෑසන බලද්දී බොස් නොසිටි බවත්ය, එමෙන්ම ඔහු ගිනි තබාගත්තාද යන්න තමන් දැන නොසිටි බවද පොලීසිය ඉදිරියේ දෙමළ තරුණයා ප්‍රකාශ කර තිබුණි.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

අතුරුදහන් වූ තරුණයා පිළිබඳව සෙවීමේ දී ඔහු ආයතන කිහිපයකට ආහාර සැපයීමේ කොන්ත්‍රාතුවක් කරගෙන ගොස් තිබුණු බවට සඳහන් වන අතර අත්අඩංගුවට ගැනුණු දෙමළ තරුණායද ඔහු යටතේ සේවය කර තිබුණි.

පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී තිබුණේ ඔහු තවත් පුද්ගලයෙකුගෙන් ණයට මුදල් දිගින් දිගටම ලබාගෙන ඇති බවත් ඒවා ගෙවා ගත නොහැකිව අසරණ වී පසුව සියදිවි නසා ගැනීමේ අරමුණීන් මෙලෙස ගිනි තබාගන්නට ඇති බවයි.

කෙසේ වෙතත් ගල්ගමුව ප්‍රදේශයේ දී තවත් තරුණයෙකු අතුරුදහන් වූ පැමිණිල්ලක් පොලීසියට වාර්තා විමත් සමඟ සියදිවි නසා ගත්තා යන නිගමනය සම්පුර්ණයෙන් වෙනස් දිශාවකට යොමුව තිබුණි.

මෙලෙස ගල්ගමුව ප්‍රදේශයේ දී අතුරුදහන් වූ තරුණයාද ගිනි තබාගත්තා යැයි සැක කරන තරුණයා සමඟ එකට සේවය කළ පුද්ගලයෙකු බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබුණි.

සිරුර ගැන සැකය මෙම සිදුවීම තුළින් මතු වීම නිසා අධිකරණයේ අවසරය මත කුරුණෑගල පොලීසිය විසින් අදාළ සිරුරේ DNA පරික්ෂාවක් සිදු කරනු ලැබීය.

මේ සඳහා මුලදි පිළිස්සී ගියා යැයි සැක කළ කොන්ත්‍රාත්කරුගේ බිරිඳගෙන් සහ ගල්ගමුවේ අතුරුදහන් වූ තරුණයාගේ මවගෙන් DNA සාම්පල් ලබාගෙන ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ සිරුර ගල්ගමුවේ දී අතුරුදහන් වූ තරුණයාගේ බවත්, මුලදී සැක පළ කළ ආහාර සැපයුම් සිදු කරන කොන්ත්‍රාත්කරුගේ නොවන බවත්ය.

ඒ අනුව පොලීසිය විසින් සැක පළ කර ඇත්තේ ආහාර සැපයුම් කොන්ත්‍රාත්කරු වන බණ්ඩාරනායක මුදියන්සේලාගේ ජයරුවන් නැමති 34 හැවිරිදි සැකකරු විසින් තමාට ණය ගෙවා ගත නොහැකි වීම නිසා සියදිවි නසා ගත්තා යැයි පෙන්වීමට ගල්ගමුවේ තරුණයා ඝාතනය කොට ටයර් මත දමා ගිනි තබන්නට ඇති බවයි.

මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු මේ වන විට ඔහුට අයත් මොනරාගල, ඇතිමලේ ගැමුණුපුර ප්‍රදේශයේ නිවසින්ද, අනුරාධපුරයේ ශ්‍රාවස්තිපුර නිවසින්ද අතුරුදහන්ව සිටින බවද පොලීසිය සඳහන් කර තිබේ.

සැකකරු සොයා පුළුල් පරික්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති අතර පරික්ෂණය මෙහෙය වන කුරුණෑගල පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්පලාල් මහතා ජාතික පුවත්පතක් වෙත පවසා තිබුණේ “වැඩි දවසක් නොගිහින් අපි මේ සැකකරු අත්අඩංගුවට ගන්නවා. අපරාධයක් කරලා බේරෙන්න බැරි බව මෙවැනි අපරාධ කරන්න සුදානම් වන පුද්ගලයන් තේරුම් ගත යුතුයි” ලෙසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27