තමන්ට වුණු අඩත්තේටමට එරෙහිව හීනටිගල මානව හිමිකම් කොමිසමට යයි (වීඩියෝ)

පසුගිය 19 වැනි දින තම නිවස පිහිටි හබරකඩ ප්‍රදේශයේ දී පොලිසියෙන් සිදු වූ අඩත්තේට්ටම් සහ අනීතික බලපෑම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරදීමට ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අද (24) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය යටතේ ඇති අතුරුගිරිය පොලිස් ස්ථානයෙන් තමන්ට සිදු වූ මානසික සහ ශාරීරික හිංසනයන්ට එරෙහි ව මෙන් ම අනීතික ව අත් අඩංගුවට ගැනීමේ චෝදනා සම්බන්ධයෙනුයි කසුන් මහතා සිය පැමිණිල්ල ගොනුකර ඇත්තේ.

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සිය නීතිඥවරු සමගින් පැමිණ කොමිෂන් සභාවේ පැමිණිලි අංශයට සිය පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව කසුන් මහේන්ද්‍ර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පැවසුවේ; සිදුවීම සිදු වූ අවස්ථාවේ දී තමන් නිවසට මීටර් 50ක් පමණ දුරකින් පිහිටි වෙළෙඳසැලකට යමින් සිටියදී පොලිස් ත්‍රීවිල් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ගෙන් ජාතික හැඳුනුම්පත ඉල්ලූ බවයි.

නමුත් නිවස අසල පිහිටි වෙළෙඳසැලකට යන අවස්ථාවේ දී තමන් ජාතික හැඳුනුම්පත රැගෙන නො යන බවත්; ජාතික හැඳුනුම්පත ලබාදීමට නම් තමන් සමග සිය නිවසට පැමිණෙන ලෙසත් පොලිස් නිලධාරීන්ට පවසා තිබෙනවා.

නමුත් එම නිලධාරීන් ඒ කිසිවක් නාසමින්, තමන්ට නොසරුප් වචනයෙන් බැණ වදිමින් ත්‍රීවිල් රථයට දමාගනිමින් අතුරුගිරිය පොලිස් ස්ථානයට රැගෙන ගිය බවත්; එහිදී පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ද තමන්ට සහ තම පවුලේ උදවියට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් කසුන් මහේන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කෙරෙන අතර තාවකාලික ස්ථාන මාරුවීම් ද ලබා දී තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට සඳහන් කරමිනුයි ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මෙලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියේ.

තමන්ව අත්අඩංගුවට ගත්තේ ජැක්සන් ඇන්තනී මහතාගේ බෑණා ලෙසට නොවන බවත්; සිවිල් පුරවැසියෙකු ලෙස අනීතිකව තමන් ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තෙක් තමන් සටන් කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙවියනේ..ගෙවල් දෙකම අළු ගොඩක් වෙලා
00:54
Video thumbnail
රන්ටැඹේ රන්දෙනිගල බලාගාරවල විශේෂ නිරීක්ෂණයක්
01:26
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන රටම කතාවෙන Big Boss ? - රට සලිතවෙන හෙළිදරව්වක්
20:37
Video thumbnail
ගෝඨාභය බලයට පත්වීම සැලසුම් සහගත ඔපරේෂන් එකක්?..මෙන්න පාස්කුවේ මහ මොළකරු?
04:48
Video thumbnail
අන්තවාදීන්ව නවත්වන්න පුළුවන් රාජපක්ෂලාට විතරයි..?
09:22
Video thumbnail
සමගි ජන බලවේගයේ පා.ම ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් සමඟ දසත ප්‍රහාරය සජීවීව
01:30:36
Video thumbnail
ආදරය වෙනුවෙන් කුණු ගොඩක් කිව්ව දේශපාලනයට එන්න වුණ කාරියප්පර්
25:06
Video thumbnail
ලංකාවේ ඩොලර් මිලියනස්ලා 500ක් -1000ක් හැදුවනම්..ආර්ථිකය සුපිරියට ගොඩ දාන්න පුළුවන්
15:23
Video thumbnail
ඊළඟ ජනාධිපති පුටුවට සුපිරි තරගයක් දෙන්න යන කෙනා..මෙයා ආවොත් නම් ඔක්කොම හැලෙනවා
05:36
Video thumbnail
දෙවියනේ..ගෙවල් දෙකම අළු ගොඩක් වෙලා..ගෙදර සුරතලාත් ගින්නෙන් අවසන් ගමන් ගිහින්
02:36


?