තමන්ට වුණු අඩත්තේටමට එරෙහිව හීනටිගල මානව හිමිකම් කොමිසමට යයි (වීඩියෝ)

පසුගිය 19 වැනි දින තම නිවස පිහිටි හබරකඩ ප්‍රදේශයේ දී පොලිසියෙන් සිදු වූ අඩත්තේට්ටම් සහ අනීතික බලපෑම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරදීමට ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අද (24) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය යටතේ ඇති අතුරුගිරිය පොලිස් ස්ථානයෙන් තමන්ට සිදු වූ මානසික සහ ශාරීරික හිංසනයන්ට එරෙහි ව මෙන් ම අනීතික ව අත් අඩංගුවට ගැනීමේ චෝදනා සම්බන්ධයෙනුයි කසුන් මහතා සිය පැමිණිල්ල ගොනුකර ඇත්තේ.

මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සිය නීතිඥවරු සමගින් පැමිණ කොමිෂන් සභාවේ පැමිණිලි අංශයට සිය පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව කසුන් මහේන්ද්‍ර මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පැවසුවේ; සිදුවීම සිදු වූ අවස්ථාවේ දී තමන් නිවසට මීටර් 50ක් පමණ දුරකින් පිහිටි වෙළෙඳසැලකට යමින් සිටියදී පොලිස් ත්‍රීවිල් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ගෙන් ජාතික හැඳුනුම්පත ඉල්ලූ බවයි.

නමුත් නිවස අසල පිහිටි වෙළෙඳසැලකට යන අවස්ථාවේ දී තමන් ජාතික හැඳුනුම්පත රැගෙන නො යන බවත්; ජාතික හැඳුනුම්පත ලබාදීමට නම් තමන් සමග සිය නිවසට පැමිණෙන ලෙසත් පොලිස් නිලධාරීන්ට පවසා තිබෙනවා.

නමුත් එම නිලධාරීන් ඒ කිසිවක් නාසමින්, තමන්ට නොසරුප් වචනයෙන් බැණ වදිමින් ත්‍රීවිල් රථයට දමාගනිමින් අතුරුගිරිය පොලිස් ස්ථානයට රැගෙන ගිය බවත්; එහිදී පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ද තමන්ට සහ තම පවුලේ උදවියට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් කසුන් මහේන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කෙරෙන අතර තාවකාලික ස්ථාන මාරුවීම් ද ලබා දී තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට සඳහන් කරමිනුයි ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මෙලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියේ.

තමන්ව අත්අඩංගුවට ගත්තේ ජැක්සන් ඇන්තනී මහතාගේ බෑණා ලෙසට නොවන බවත්; සිවිල් පුරවැසියෙකු ලෙස අනීතිකව තමන් ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තෙක් තමන් සටන් කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

  1. වැලෙ වැල් නැතිව ඇති වැඩිකල් යන්න කලින් මිනිය දෙශපාලනය රැකවරණය ගනි එකට තමයි ට්‍රයි කරන්නේ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18