තමන්ගේ ඉඩමද හන්තාන රක්ෂිතයට අයත් එකක් – කිරිඇල්ලගේ දියණිය පිළිගනියි

පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ තමන්ගේ ඉඩම හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් බවට පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පිළිගනු ලැබූවා. ඒ ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හන්තාන රක්ෂිතයට අයත් ඉඩමක් ඉකුත් 2020 වසරේදී එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

සමඟි ජන බලවේගයේ කාන්තා සංගමය වන සමඟි වනිතා පෙරමුණ විසින් මේ මාධ්‍ය හමුව පැවැත්වූ අතර සිංහරාජ වනාන්තරය එළි පෙහෙළි කරන ලද බවට රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ප්‍රකාශයක් කිරීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇතැයි කියන භාග්‍යා අබේරත්න නමැති තරුණියට සහාය වීම සඳහා මේ මාධ්‍ය හමුව සංවිධාන කර තිබුණා.

මේ මාධ්‍ය හමුවට භාග්‍යා අබේරත්න ද සහභාගි වන බවට මාධ්‍ය දැනුම්වත් කර තිබුණද ඇය මේ අවස්ථාවට සහභාගි වූයේ නැහැ. අදාළ ඉඩම මීට වසර 30 කට පෙර තමාගේ පියා නීතිඥවරයෙක් ලෙස කටයුතු කරන සමයේ මිලදී ගත් එකක් බවත් 2010 ගැසට් පත්‍රයක් මඟින් හන්තාන රක්ෂිතයට ගැසට් කර පසු එය රක්ෂිතයට අයත්ව ඇති බවත් නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය මාධ්‍ය හමුවේ පවසා සිටියා. තමන් මෙම ඉඩමේ කිසිදු ගසකට හානි නොකල බවත් ඉඩමට ඇතුළුවීමට මාර්ගයක් සකසා ගැනීමට උස්ව වැවී තිබූ මානා පඳුරු අයින් කිරීම පමණක් සිදුකල බවත් ඇය වැඩිදුරටත් සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09