තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා අද පස්වරු 3ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට (17) පස්වරු 3 දක්වා වලංගු වන ආකාරයෙන්.

එහි දැක්වෙන්නේ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටා තිබූ ගැඹුරු පීඩන අවපාතය අද උදෑසන 08.30 වන විට අක්ෂාංශ 17.4N සහ දේශාංශ 87.0E ආසන්නයේ ස්ථානගතව පැවති බවයි.

එම පද්ධතිය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලබන 18 වනදා අලුයම බංග්ලාදේශ වෙරළ තීරය හරහා ගොඩබිම වෙතට ගමන් කරනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 16 සහ 22ත් නැගෙනහිර දේශාංශ 85 සහ 95ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ වන අතර ඇතැම් විට පැයට කිලෝමීටර් 70ක් 80ක් පමණ දක්වා වැඩි විය හැකියි.

එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

උතුරු අක්ෂාංශ 16 සහ 22ත් සහ නැගෙනහිර දේශාංශ 85සහ 95ත් අතර මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?